Wednesday, July 2, 2014

Virus Guard එක හෝ Internet Security එක 100% නිවැරදිව වැඩ කරනවාද , කියලා බලන්නේ මෙන්න මෙහෙමයි.




යාළුවනේ, අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන Virus Guard හෝ Internet Security එක චෙක් කරගන්නේ කොහොමද? කියලයි.
මේක හරිම සිම්පල් වැඩක්. 

මුලින්ම NotePad එක Open කරන්න.
ඊටපස්සේ පහලින් තියෙන Script එක Copy කරගෙන නෝට්පෑඩ් එකේ Paste කරන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
    
ඊට පස්සේ File මෙනුවෙන් Save යන්න සිලෙක්ට් කල විට ලැබෙන Save as ඩයලොග් බොක්ස් එකෙන් සේව් කලයුතු තැන තෝරගන්න.
ඊට පස්සේ ‍File Name එක myfile.com ලෙස දාන්න. File Type එක‍ All Files විදියට දීලා Save කරගන්න.

ඊටපස්සේ කරන්න තියෙන්නේ සේව් කරපු ෆයිල් එක ඕගොල්ලන්ගේ Virus Guard එකෙන් හෝ Internet Security එකෙන් Scan කරල බලන්න.
එතකොට අර ෆයිල් එක Virus Guard එකෙන් Virus එකක් විදියට ඇල්ලුවොත් එම Virus Guard එක හොද එකක් කියලා ඔප්පු වෙනවා.


ඒත් , ඉතින් ඔයාලගේ Virus Guard එක හෝ Internet Security එක මේක Virus එකක් කියල ඇල්ලුවේ නැති වුනෝත් නම් , ඔයාලගේ Virus Guard එක හෝ Internet Security එක හොද තත්වයේ නැ. එහම වුනෝත් ඔයාගේ Virus Guard එක හෝ Internet Security එක ඉතාමත්ම ඉක්මණින් Update කරල , ඒ ෆයිල් එක Scan කරල බලන්න. එතකොටවත් ඒක Virus එකක් කියල අල්ලනවා නම් වැඩේ හරි.
එත් , ඉතින් , ඒක Virus එකක් කියල අල්ලන්නේ නැත්නම් , වහාම හොද අලුත් Virus Guard එකකට හෝ Internet Security එකකට මාරු වෙලා , අයේමත් අර ෆයිල් එකම Scan කරල බලන්න.
එතකොටවත් ඒක Virus එකක් කියල අල්ලනවා නම් වැඩේ හරි.

කොහම වුනත් , පරිගණකයකට ගොඩාක්ම හොද Internet Security එකක් දාන එක. මොකද , එතකොට ඔබේ පරිගණකයට පිටින් හා අන්තර්ජාලයේන් යන ඕනැම තැනකින් එන Virus එකක් අල්ල ගන්න පුලුවන් නිසා.