Friday, July 4, 2014

ලා‍ෆින් බුද්ධා.(laughing buddha)


අය්යෝ මේ ඉන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ නෙමේ!! මේකේ කතාව දන්නැද්ද.?? එහෙනම් අහගන්නකෝ.....

චීනයේ හිටියා හාමුදුරු කෙනෙක් එයා කරන්නේ පෝසත් මිනිස්සුන්ගෙන් මුදල්,කැම ,ඇදුම් වගේ ඒවා ඉල්ලගෙන ඇවිත්(මල්ල පෙන්නලා අගවන්වා මොනවා හරි දෙන්න කියලා අගවනවා) දුප්පත් මිනිස්සු අතර බෙදලා දෙනවා. ඉතින් පෝසත් මිනිස්සු මේ හාමුදුරුවන්ට බනිනවා. ඒත් හාමුදුරුවෝ හිනාවෙලා ඒක අහගෙන ඉන්නවා. දුප්පත් මිනිස්සු ලගට ගියාම ඔවුන් ප්‍රශන්සා කරනවා. ඒකත් හිනාවෙලා අහන් ඉන්නවා. හාමුදුරුවන්ගෙන් ධර්මය මොකද්ද කියලා ඇහුවහම තමන් ලග තියෙන මල්ල පැත්තකින් තියලා හයියෙන් හිනාවෙනවා. ඒ කියන්නේ සියල්ල අත්හරිනවා කියන එක(මනසින්) නමුත් ඒක මිනිස්සුන්ට තේරෙන්නැ. ඉතින් මිනිස්සු හාමුදුරුවන්ට බනිනවා, ගල් ගහනවා, පිස්සෙක කියලා කියනවා. ඊට පස්සේ එක දවසක් මේ හාමුදුරුවෝ පාර අයිනේ අපවත්වෙලා හිටියා. ඉතින් මිනිස්සු ඇවිල්ලා බල්ද්දි අතේ තිබ්බා කොල කැල්ලක් ඒකෙ ලියලා තිබ්බේ ""මම මෙච්චර කාලයක් උබලත් එක්ක හිටියා ඒත් උබලට මාව අදුන ගන්න බැරි උනා මම තමා මෙත්‍රි බොදිසත්වයෝ"" ඒකියන්නේ මෙත්‍රි බොදිසත්වයෝ ස්වරුප 8 කින් මනු ලොවට එනවනේ. ඒකෙන් එක විදියක් තමා පැවිදි ස්වරුපය. ඉතින් මේක දැක්ක මිනිස්සු ගොඩාක් හිත් වේදනාවට පත්වෙලා උන්වහන්සේගේ පිලිම හදලා ගරු කරන්න පටන් ගත්තා. ඒවගේ පිලිමයක් තමා මේ. ඉතින් ඉන්දියාවෙන් ගෙන්නපු විශ්නු දෙවියන්ගේ භර්යාව වන ලක්ශ්මී දේවියගේ පින්තුරයක් ගෙයි ගහගෙන ඉන්නවට වඩා හොද නැද්ද මේ පිලිමේ මොකද මතු බුදුවෙන්න පාරමි පුරන උතුමෙක්නේ!! හැබැයි මේක තියා ගත්තට සල්ලි හම්බවෙන්නැ. මේකෙන් දෙන්නේ හොද පනිවිඩයක් පෝසත් වෙන්න. ඒතමා සියල්ල මනසින අත්හැරීම!!!! මොකද හිතෙන්නේ හොද නැද්ද?? අනික හරියට කරුනු දන්නැතුව ඔය එක එක හාමුදුරුවරු කිව්ව පලියට එක එක අයට බන්නින එපා. මොකද පාරමී පුරන බෝසත්වරුන්ට බනින එක සුභ කටයුත්තක්නම් නෙමේ!!! මෙමගින් දෙන පනිවිඩය තමා අත්හැරීම පුරුදු කරන එක එමගින් සොව්භාගය උදාවෙන්නේ මක් නිසාද ලෝකයේ අත්හැරීම උපරිමයටම කරපුකෙනා තමා බුදුන්වහන්සේ උන්වහන්සේ තම රාජ්ය,වස්තුව, නැදැයන් අත් හැරියා. නමුත් බලන්න අද උන්වහන්සේට කොච්චර ඉඩම් තියෙනවද කියලා. ඒකයි අත්හැරීමේ  පනිවිදය කියන්නේ!!!!