Friday, July 4, 2014

මෙන්න තවත් නියම බ්ලොගර් විජට් එකක්. කලින් දීපු විජට් දාගෙන නැත්නම් ඒවත් බලලා හොද එකක් තියනවානම් දාගන්න.  නියම විජට් එක මමත් දාගත්ත‍. බ්ලොග් එකෙන් අහඹු ලෙස ලිපි පෙන්වන්න. මෙහි වෙනස්කම් කිරීම මගින් විවිධ ආකාර කිහිපයකටම මෙම විජට්ටුව වෙනස් කරගත හැක. මමත් දැම්මා. මේ පෝස්ට් එකේ මාතෘකාවට ඉහලින් බලන්නකෝ. ඔබේ බ්ලොගයටත් ඇතුලත් කර ගැනීමට,



  • පළමුව මෙම අඩවියට යන්න
http://www.rsspump.com/ 
 



 1 ස්ථානය – ඔබේ RSS ලිපිනය ඇතුලත් කරන්න.
2 ස්ථානය – වර්ගය
3 ස්ථානය – වේගය
4 ස්ථානය – පසුබිම් වර්ණය
 ස්ථානය – Font Size අකුරැ ප්‍රමාණය (වැරදීමකින් වෙන අංකයක් ඉහත රුපයේ සටහන් වී ඇත.)
5 ස්ථානය – අකුරැ වල වර්ණය
  • සිදුකරන සෑම වෙනස්කමක්ම පහත Preview ස්ථානයේ පෙන්වන නිසා වැඩේ අමාරැ වෙන එකක් නෑ..
  • අවසානයට පහතින් ලබා දෙන කෝඩ් එක කොපි කරගන්න.
  • දැන් බ්ලොගර් වලට ගොස් Layout හි Add a Gadget වලට ගොස් නව  HTML/Java script ලබාගන්න.
  • එයට කොපි කරගත් කෝඩ් එක පේස්ට් කර අවශ්‍ය නමක් ලබා දෙන්න. පහත ආකාරයට.

දැන් Sava කරන්න.
  • ලැබෙන විජට්ටුව අවශ්‍ය ස්ථානයට Drag කරගන්න. මෙය බ්ලොග් එකේ මාතෘතාව ට පහලින් බ්ලොග් පෝස්ට් වලට ඉහලින් තබා ගැනීම වඩා අලංකාර වේ.(එසේ තබා ගන්නේනම් ඉහත කෝඩ් එක පේස්ට් කරන අවස්ථාවේ නමක් ලබා නොදෙන්න)
  • දැන් Save කර ඉවත් වන්න.
  • බ්ලොග් එකට ගොස් බලන්න.
නැවත හමුවෙමු..