Thursday, July 3, 2014

කම්පියුටර් ජිල්මාට්

(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...)



මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.



1.) අනුන්ගේ එව්වා හොරෙන් බලමු....

හොරෙන් බලමු කිව්ව ගමන් කට්ටිය මොනවා හිතුවද දන්නෑ. මම මේ ඔය ගොල්ලෝ හිතුව විදිහෙ එකක් නෙවෙයි කිව්වේ. වෙනම ජාතියේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ. හරියටම මේ වෙලාවේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera එකක මේ වෙලාවේ මොනවා පේනවා ඇත්ද. ඒ ගොල්ලන්ට ඒ පේන දේවල් ටික අපේ ඩෙක්ස්ටොප් එකේ ඉඳන් අපිට බලන්න බැරිද. ආන් ඒ වගේ කේස් එකක් තමයි මම මේ ෆයිල් කරන්න යන්නේ. මුලින්ම වැඩේ කරලා ඉම්මුකෝ. 

  1. පියවර :- යන්න ගූග්ල් දෙයියන්නාන්සේ ගාවට. එහෙම නැත්නම් www.google.lk
  2. පියවර :- ඒකේ Search bar එකේ මෙන්න මේ කොඩ් එක ටයිප් කරන්න.

    intitle:axis intitle:"video server"   දැන් Enter කරන්න.
  3. පියවර :- ඔයාලට පෙනෙයි මෙන්න මේ වගේ එකක්.


දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔය මම අංක 1 , 2 විදිහට ලකුණු කරලා තියන වගේ එව්වා ගොඩාරියක් හම්බ වෙයි. අන්න ඒවා ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera වල හරියටම මේ වෙලාවේ පේන දේවල් ඔයාට ගෙදර ඉඳන්ම බලන්න පුළුවන් වෙයි..මෙන්න මේ වගේ....

තව එකක්. intitle:axis intitle:"video server"මෙන්න මේකේ පැරාමීටර් වෙනස් කලොත් එහෙම මොනවා වෙයිද මම දන්නැ. සමහරවිට මොනවා පෙනෙයිද දන්නෑ. ඒ හින්දා ඔය දීපු එක විතරක් කලා නම් ඇති. ;)

2.) කොම්පීතරේ කතා කරෝමු.

මෙන්න මේකයි කරන්න යන්නේ. තමන්ටම කියලා තමන් ලියන වචනයක් හො වාක්‍යක් ඇහෙන්න කියවන සොෆ්ට්වෙයා එකක් වගේ එකක් හදන්නයි යන්නේ. පට්ට ලේසියි වැඩේ.

  1. පියවර :- Notepad එකක් Open කර ගන්න.
  2. පියවර :- මෙන්න මේ කෝඩ් එක එකේ ටයිප් කරන්න.

    Dim Message, Speak
    Message=InputBox("Enter Your Text","Speak")
    Set Speak=CreateObject("sapi.spvoice")
    Speak.Speak Message
  3. ඔන්න ඕක ටයිප් කරලා. Save As ගිහින් speak.vbs හරි *.vbs හරි විදිහට ටයිප් කරලා Save කරන්න. 
  4. දැන් ඒ Save කල විදිහෙ නමින් වෙන icon එකකින් එකක් හැදිලා ඇති. අන්න ඒක Double Click කරන්න
  5. දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන් කැමති දෙයක් ලියලා Ok කලාම. කම්පියුටර් එක ඒ වචනය හො වාක්‍යය කියවාවි. කරලා බලන්නකෝ..


3.) තමන්ටම කියලා Diary එකක් හදා ගම්මු. 

අද කියලා තියන ලේසිම වැඩේද මන්දා.
Open කර ගන්න Notepad එකක්. අන්න ඒකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.
.LOG
දැන් ඕක Save කර ගන්න. 
දැන් ඔය Notepad එක ඕපන් කරන හැමවෙලේම මේ වෙලාවේ කම්පියුටර් එකේ තියන වෙලාවයි දිනෙයි Notepad එකේ පේන්න තියනවා. ඔයාලට හිතෙන දෙයක් ඒකේ ලියලා Save කරන්න පුළුවන්. ආයිත් සැරයක් Open කලොත් ඒ Open කල වෙලාවේ දිනෙයි වෙලාවයි වැටෙනවා. උත්සහ කරලා බලන්න.

4.) කී බෝඩ් එකේ ලයිට් පිස්සු වට්ටමු.

මේක ලස්සනටම කරන්නනම් මල්ටිමීඩියා කීබෝඩ් වලින් තමයි. මොකද ගොඩක් නොමල් කීබෝඩ් වල තියෙන්නේ LED bulb 3ක් විතරනේ. ඉස්සෙල්ලම් Notepad එකක් Open කරගෙන මෙන්න මේ ටික copy & paste කරගන්න.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් ඕක අර කලින් වගේම .vbs file එකක් විදිහට save කර ගන්න.
එතකොට අළුතෙන් create වෙන Vbs File එක Double Click කරන්න. දැන් ඔයාලගේ කීබෝඩ් එකේ තියන ලයිට් රටාවකට ලස්සනට පත්තුවෙයි. 

දැන් ඕක නවත්තන්න ඕනිනම්..Task Manager යන්න. ඒකට යන්න Alt+Ctrl+Delete press කරලා පුළුවන්. එහෙම නැත්නම් Task bar එක Right click කරලා Start Task Manager කියන එක click කරන්න. ඔය මොන ක්‍රෙමන් හරි ඒක Open කරගෙන ඒකේ Processes වල run වෙවී ඇති  wscript.exe කියලා එකක්. අන්න ඒක click කරලා. End Process කරන්න. එතකොට බල්බ් පිස්සු කෙලින එක නවතියි.. :)

අම්මෝ..........අදට ඇති නේද...ඇඟිලි රිදෙනවා ඒකයි.. :)