Thursday, July 3, 2014

ගෙදරදිම LED ලාම්පුවක් හදාගන්න

ගෙදරදිම LED ලාම්පුවක් හදාගන්න විදිහ 



                                                                අද අපෙ රට දියුනු වෙමින් පවතින රටක් කියල කියන්න පුලුවන්. ඒ සමගම විවිධ ගැටලු මිනිසුන්ට බෙහෙවින් දැනෙන්න පටන් අරන්. එවැනි විශාල ගැටලුවක් තමයි විදුලි බිල. විදුලි බිල අඩු කරගන්න පුලුවන්නම් කොතරම් අගෙයිද.

ඔබ දන්නවා සාමාන්‍ය සූත්‍රිකා බල්බයකට වඩා CFL බල්බයක විදුලි පරිබෝජනය අඩු බව. හැබයි දැන් විදුලි පරිබෝජනය අඩුම බල්බය ලෙස වෙළඳපලේ ඉදිරියෙන්ම සිටින්නේ LED බල්බයයි.
එවැනි බල්බයක් ඔබට තනිවම හදාගන්න පුලුවන්නම්…….
ඔව් ඔබට පුලුවන් මෙම ලිපිය ආදාර කරගෙන එවනි බල්බයක් ඉතා අඩු වියදමකට නිර්මාණය කරගන්න. ඔබගේ නිර්මණාත්මක හැකියාව හා ඉලෙක්ට්‍රොනික විද්‍යා දැනුම උපයෝගි කරගනිමින් මෙම පරිපථය වැඩි දියුණු කරගත හැකි අතර එයට ගුණාත්මක නිමාවක්ද ලබාදිය හැක.මේ ක්‍රමයට විදුලිය ඉතිරියක් කරගන්න පුළුවන්( සැලකිය හැකි තරම් ප්‍රමාණයක් ).විදුලිය එක්ක කරන වැඩ වලදි පරිස්සමෙන් වැඩකරන්න  .

අවශ්‍ය උපකරණ:-
  • R1 – 100Ω /2W – 1
  • R2 – 560kΩ – 1
  • C1 – 0.47μF/400v – 1
  • C2 – 100μF/100v – 1
  • D1 – IN4007 – 1
  • LED (1-20) – 20